සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර අතර සුවිශේෂී අංගයක් වන හිසතෙල් ගෑමේ මංගල්‍යය වෙනුවෙන් අවශ්‍ය ඖෂධ සහ නානු වර්ග බෙදා දීමේ විශේෂ වැඩසටහනක් අද (අප්‍රේල් 13) රුවන්වැල්ල ප්‍රදේශයේදී පැවැත්විණි. අනාගත පරපුර වෙත මෙම සංස්කෘතික උරුමය දායාද කිරීමේ අරමුණින් රුවන්වැල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලය මූලික කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.
අමිතිරිගල මහජන පුස්තකාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ ප්‍රධාන උත්සවය උතුරු අමිතිරිගල ශ්‍රී ධර්මාලෝක පිරිවෙන් පුරාණ විහාරස්ථානයේදී පැවැත්විණි. රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති දර්ශන වෛද්‍යරත්න මහතා සහ අමිතිරිගල මහජන පුස්තකාලාධිපතිනී සුනීතා එදිරිසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් නානු ඖෂධ කට්ටල බෙදා දීම සිදු කෙරිණි.
මෙහිදී කෝරළ තුන ඇතුළු පහත බුලත්ගම ද්විතීය සංඝනායක බෙත්ගම ගෙදර නන්දාරාම නායක හිමියන් ඇතුළු ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේලා වෙත මෙම ඖෂධ කට්ටල පූජා කරන ලදී. රුවන්වැල්ල ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම සංස්කෘතික වැඩසටහනට සහභාගී වී සිටියහ.













