ශ්‍රී ලංකා අධිකරණ සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන එස්. සතීස්තරන් මහතා නව මහාධිකරණ විනිසුරුවරයකු ලෙස අද (13) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ජනාධිපති කාර්යාලයේදී පැවැති මෙම අවස්ථාවේදී අදාළ පත්වීම් ලිපිය ජනාධිපතිවරයා විසින් ඒ මහතා වෙත භාර දෙනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්වීමට පෙර එස්. සතීස්තරන් මහතා චාවක්කච්චේරී දිසා විනිසුරුවරයා ලෙස දීර්ඝ කාලයක් සේවය කර ඇති අතර, අධිකරණ ක්ෂේත්‍රය තුළ ගෞරවයට පාත්‍ර වූ නිලධාරියෙකි. මෙරට අධිකරණ පද්ධතියේ පවතින නඩු ප්‍රමාදය අවම කිරීම සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා නව විනිසුරුවරුන් පත් කිරීමේ රජයේ ප්‍රතිපත්තියට සමගාමීව මෙම පත්වීම සිදු කර තිබේ.














