2026 වසරේ පැවැත්වීමට නියමිතව ඇති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ යන කිසිදු විභාගයක් කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය අවධාරණය කරයි.
පවත්නා වාතාවරණය හමුවේ විභාග කල් යා හැකි බවට සිසුන් අතර විවිධ මත පැවතියද, විභාග දෙපාර්තමේන්තුව එවැනි තීරණයකට එළඹ නැති බවත්, එබැවින් සිසුන් කලින් දැනුම් දුන් දිනවලදීම විභාගවලට මුහුණ දීමට සූදානම් විය යුතු බවත් ඇය පෙන්වා දෙයි.
මේ අතර, 2026 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අප්‍රේල් 24 වනදා දක්වා මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ සිදු කෙරේ.රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සිසුන් විදුහල්පති මඟින් ද, පෞද්ගලික අයදුම්කරුවන් තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කරමින් ද අයදුම්පත් යොමු කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සිහිපත් කරයි.













