සබරගමුව පළාත සහ ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ. අද (23) පස්වරු 1.00න් පමණ පසුව මෙම ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බැවින්, එම ප්‍රදේශවල ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත. මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙනු ඇත.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි. විශේෂයෙන්ම විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වැළකී සිටින ලෙසත්, විදුලි උපකරණ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටී.
















