ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සහ නැමීබියාව අතර තරගය අද (18) කොළඹ එස්.එස්.සී (SSC) පිටියේදී පැවැත්වේ. එහිදී පාකිස්ථාන ආරම්භක පිතිකරු සහිබ්සාඩා ෆර්හාන් අතිවිශිෂ්ට ශතකයක් රැස් කිරීමට සමත් විය.
පන්දු 58කදී නොදැවී ලකුණු 100ක් රැස් කළ ෆර්හාන්ගේ මෙම ශතකය මෙවර ලෝක කුසලාන තරගාවලියේ වාර්තා වූ තෙවන ශතකය ලෙස සටහන් වේ. ඔහුගේ ඉනිම හේතුවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 199ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තේය.
ඒ අනුව ලකුණු 200ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑම සඳහා නැමීබියානු කණ්ඩායම මේ වන විට පිටියට පිවිස සිටී. පාකිස්ථාන කණ්ඩායමේ සෙසු පිතිකරුවන් ද වේගවත් ලකුණු රැස් කිරීමක නිරත වූ අතර, ෆර්හාන්ගේ මෙම ඉනිම පාකිස්ථානයට තරගාවලියේ ඉදිරි ගමන සඳහා විශාල ශක්තියක් වනු ඇත.














