මෙරටට බාල ගල් අඟුරු ආනයනය කිරීම හරහා සිදුව ඇති මහා පරිමාණ වංචාවේ මහමොළකරුවන් කවුරුන්දැයි රජය වහාම රටට අනාවරණය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. අද (27) කෑගල්ල, අරනායක ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ප්‍රසම්පාදන ක්‍රමවේදවලින් බැහැරව හදිසි මිලදී ගැනීම් හරහා ගල් අඟුරු ටොන් ලක්ෂ 3ක් ගෙන්වීමට සූදානම් වීම මගින් රටට සහ විදුලි පාරිභෝගිකයාට දැඩි මූල්‍ය පාඩුවක් සිදුවන බවයි.














