බාල ගල්අඟුරු වංචාවට අමතරව, මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට එරෙහිව ක්‍රමානුකූල රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය. පවතින රජය එක් පසෙකින් ඉන්ධන මාෆියාවට ඉඩ ප්‍රස්ථාව ලබා දෙමින්, අනෙක් පසින් පරිසර හිතකාමී සහ අඩු පිරිවැයක් සහිත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අඩපණ කිරීමට කුමන්ත්‍රණය කරන බව ඒ මහතා පෙන්වා දුන්නේය.
ගල්අඟුරු ගනුදෙනුවේදී ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු ගෙන්වීම හරහා බරපතළ වංචාවක් සිදුව ඇති බව දත්ත මගින් ඔප්පු වී ඇති බවත්, මුලදී රජය එය ප්‍රතික්ෂේප කළ ද දැන් වංචාවක් සිදු නොවූ බව පවසමින් කරුණු වසන් කිරීමට උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් බලශක්ති අමාත්‍යවරයා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්, ඔහු තවදුරටත් එම ධුරයේ රැඳී සිටීම සදාචාරාත්මක නොවන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














