ලෝකයේ පවතින වත්මන් ගෝලීය තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත විවාදය එළඹෙන බදාදා දින දක්වා කල් දමන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. මෙම විවාදය මුලින් සැලසුම් කර තිබුණේ මාර්තු 19 බ්‍රහස්පතින්දා සහ මාර්තු 20 සිකුරාදා යන දිනවලදී වුවද, සිකුරාදා දිනට මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ආගමික උත්සවයක් වන රමසාන් උත්සවය යෙදී ඇති බැවින් එදින විවාදයට සහභාගී වීමට ඔවුන්ට අපහසු වන බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. අද (17) පාර්ලිමේන්තුව අමතමින් ඔහු ඉල්ලා සිටියේ සිකුරාදා සැසිය ලබන බදාදා දක්වා වෙනස් කරන ලෙසයි. මීට ප්‍රතිචාර දක්වමින් සභානායක බිමල් රත්නායක මහතා සඳහන් කළේ අද පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි.














