රුපියල් මිලියන 243.8ක (රුපියල් කෝටි 24කට අධික) නීති විරෝධී වත්කම් උපයා ගත් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් වාස් ගුණවර්ධන මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (09) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ වත්කම් උපයා ගත් ආකාරය පිළිබඳව ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, ඔහුගෙන් ලබාගත් ප්‍රකාශවල පරස්පරතා සහ වත්කම් සනාථ කිරීමට ඇති අපහසුතාව මීට හේතු වී ඇත. සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.














