සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානි, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා අද (09) පවසා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සෘජු හා වක්‍රව සම්බන්ධ වූ පිරිස් බේරාගැනීමට ඇතැම් පාර්ශව තවමත් උත්සාහ දරමින් සිටින බවයි. ප්‍රහාරයට වසර හතක් ගත වී ඇතත් සැබෑ මහ මොළකරුවන් හෙළිදරව් නොකර දෙපැත්තට බෝලය පාස් කරමින් ජනතාව නොමඟ යැවීමේ ක්‍රියාවලියක් සිදුවන බව ද ඔහු සඳහන් කළේය.
ආණ්ඩුවේ සංවර්ධන කටයුතු පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ වත්මන් රජය ක්‍රියාවට වඩා වචනයට සීමා වී ඇති බවයි. විශේෂයෙන්ම වයඹ පළාතේ කුකුළු පාලකයන්ට සහ සුළු පරිමාණ කර්මාන්තකරුවන්ට පසුගිය ස්වභාවික ව්‍යසනවලින් සිදු වූ හානි සඳහා පොරොන්දු වූ වන්දි හෝ සහන ණය මෙතෙක් නිසි ලෙස ලැබී නොමැති බව ඔහු අවධාරණය කළේය. රජය ‘රතු තරුව’ වැනි සමාජ සත්කාරක වැඩවලින් ඔබ්බට ගොස් රටේ ප්‍රධාන ගැටලු විසඳීමට අපොහොසත් වී ඇති බව ද ඔහු පැවසීය.














