රට පාලනය කිරීමට තමන් වහන්සේට භාර දෙන්නේ නම් වසර තුනක් වැනි කෙටි කාලයකදී මුළු රටම සංවර්ධනය කර පෙන්වීමට සූදානම් බව පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමියන් පවසති. උන්වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් උමංදාව ආශ්‍රමයේ පැවැති දානමය පුණ්‍යකර්මයට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ. මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයන් පිරිසක් එක්ව සිටීම විශේෂත්වයකි.
වත්මන් රජයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ උන්වහන්සේ, උමංදාව හරහා පවත්වාගෙන ගිය රෝහල් සහ ජල පිරිපහදු පද්ධති වත්මන් පාලනය යටතේ අඩපණ වී ඇති බවට චෝදනා කළහ. ඊශ්‍රායලය වැනි රටවල් ඉලක්ක කරගනිමින් පුහුණු ශ්‍රමිකයන් පන්දහසක් පුහුණු කළ හැකි මධ්‍යස්ථානයක් ලෙස උමංදාව සංවර්ධනය කර තිබියදී රජය ඊට බාධා පමුණුවන බව උන්වහන්සේ පැවසූහ. වැඩ කරන මිනිසුන්ට සහ දක්ෂයන්ට “හොරා” යැයි පවසමින් වල කැපීම නිසා රට මෙවැනි තත්ත්වයකට පත්ව ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ, අනාගතය වෙනුවෙන් සියලු දෙනා සන්ධානගත විය යුතු බව අවධාරණය කළහ.














