වසරකට පමණ පෙර තම ‘India’s Got Latent’ වැඩසටහනේදී ආරාධිත අමුත්තෙකු සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් නීතිමය ගැටලුවලට මැදි වූ ඉන්දීය විකට නළු සමේ රයිනා, සිය නිහඬතාවය බිඳ දමමින් නැවතත් වේදිකාවට පැමිණ තිබේ. අදාළ සිදුවීමත් සමඟ ඔහුගේ වීඩියෝ සංස්කාරකවරයා අත්අඩංගුවට පත් වූ අතර, සමේ රයිනාට ද පොලිස් පැමිණිලිවලට මුහුණ දීමට සිදුවිය. එම සිදුවීමෙන් පසු ඔහු මාස ගණනාවක් ප්‍රසිද්ධ ජීවිතයෙන් ඈත්ව සිටියේය.
ඔහු සිය නැවත පැමිණීම සනිටුහන් කරමින් ‘Still Alive’ නමින් නව විශේෂ වැඩසටහනක් යූටියුබ් (YouTube) වෙත මුදා හැර ඇත. එහිදී ඔහු තමන් මුහුණ දුන් මානසික පීඩනය, සමාජ මාධ්‍ය හරහා එල්ල වූ බලපෑම සහ එම කාලසීමාව තුළ තමන් විඳි හුදෙකලාව හාස්‍ය මුසු කරමින් ඉතා සංවේදී ලෙස ඉදිරිපත් කර තිබේ. ජෝර්ජ් ඕවල්ගේ (George Orwell) ප්‍රකාශයක් උපුටා දක්වමින් ඔහු පවසන්නේ “සෑම විහිළුවක්ම කුඩා විප්ලවයක්” බවයි.














