රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය වඩාත් අර්ථවත්ව ක්‍රියාවට නැංවීම සහ ජාතික ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සංවිධානය කරන “සම්භාෂණ” මාසික කතිකා මාලාව හෙට (පෙබරවාරි 24) ආරම්භ වීමට නියමිතය.
මෙහි සමාරම්භක දේශනයේ තේමාව වන්නේ “ආදි වාසී භාෂා උරුමය සුරකිමු” යන්නයි. ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාව සතු අනන්‍ය වූ භාෂාමය සහ සංස්කෘතික උරුමයන් රැකගැනීමේ වැදගත්කම මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරේ.
මෙම විශේෂ කතිකාව සඳහා සම්පත් දායකත්වය සපයනු ලබන්නේ ආදීවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් විසිනි. ආදිවාසී භාෂාව හා බැඳුණු ඔවුන්ගේ සාම්ප්‍රදායික දැනුම සහ වර්තමානයේ එම භාෂාව මුහුණ දෙන අභියෝග
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ මෙහෙවර යථාර්ථයක් කරමින්, විවිධ ජන කොටස් අතර භාෂාමය අවබෝධය ඇති කිරීම සහ ජාතික සමඟිය ශක්තිමත් කිරීම මෙම වැඩසටහන් මාලාවේ ප්‍රධාන අරමුණයි.














