එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් සෙලාන් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන් සඳහා විශේෂ දීමනා රැසක් හඳුන්වා දීමට එම බැංකුව පියවර ගෙන තිබේ. මේ යටතේ දිවයින පුරා පිහිටි වෙළෙඳ ආයතන 300කට අධික ප්‍රමාණයක් සමඟ අත්වැල් බැඳගනිමින් සුවිශේෂී වට්ටම්, නම්‍යශීලී ගෙවීම් ක්‍රම සහ සුවිශේෂී අත්දැකීම් රැසක් පාරිභෝගිකයින් වෙත පිරිනැමීමට නියමිතය.
මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ ඇඟලුම්, පාවහන්, සුපිරි වෙළෙඳසැල්, අවන්හල් සහ අන්තර්ජාල සාප්පු සවාරි ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි වට්ටම් හිමිවේ. ඒ අනුව Softlogic Brands, Cool Planet, Fashion Bug, NOLIMIT, Crocodile, CIB, DSI වැනි මෙරට ප්‍රමුඛ පෙළේ වෙළෙඳ නාම රැසකින් සාප්පු සවාරි යාමේදී පාරිභෝගිකයන්ට විශේෂ මිල අඩු කිරීම් භුක්ති විඳිය හැක. එසේම කීල්ස්, ග්ලෝමාර්ක්, ස්පාර් සහ කාගිල්ස් ෆුඩ් සිටි වැනි සුපිරි වෙළෙඳසැල් ජාලයන්ගෙන් අලුත් අවුරුදු කළමනා මිලදී ගැනීමේදීද ආකර්ෂණීය වට්ටම් හිමිවේ.
උත්සව සමයේ පාරිභෝගිකයන්ගේ මූල්‍ය කළමනාකරණය පහසු කිරීම සඳහා 2026 මාර්තු 14 සිට අප්‍රේල් 15 දක්වා කාලය තුළ රුපියල් ලක්ෂයක සිට රුපියල් මිලියන 3 දක්වා සිදු කරන ඕනෑම ගනුදෙනුවක් කිසිදු අමතර සැකසුම් ගාස්තුවකින් තොරව මාස 36ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම (0% Easy Payment Plans) යටතේ ගෙවීමටද අවස්ථාව සලසා දී ඇත.
මීට අමතරව ‘Cinnamon Nature Trails’ සමඟ එක්ව සෙලාන් කාඩ්පත් හිමියන් සඳහා සුවිශේෂී සංචාරක අත්දැකීම්ද හඳුන්වා දී තිබේ. ඒ යටතේ කෙන්යාවේ මසායි මාරා (Masai Mara) හි දින 7ක වනජීවී සෆාරි අත්දැකීමක් සහ මෙරට මින්නේරිය හෝ කවුඩුල්ල ජාතික වනෝද්‍යානවල අලි ගමන නැරඹීම සහ ත්‍රිකුණාමලයේ පරෙවි දූපත ආශ්‍රිතව සිදුකෙරෙන මුහුදු සෆාරි ඇතුළත් දින 3ක විශේෂ සංචාරක පැකේජයන්ද පිරිනමනු ලබයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ කාඩ්පත් අංශ ප්‍රධානී රුචිත් ලියනගේ මහතා ප්‍රකාශ කළේ අලුත් අවුරුද්ද යනු පවුලේ සැමට එකතු වී සතුටු වන කාලයක් බැවින් සිය පුළුල් වෙළෙඳ ජාලය හරහා පාරිභෝගිකයන්ගේ උත්සව සිරිය තවදුරටත් අර්ථවත් කිරීමට මෙලෙස කටයුතු යොදා ඇති බවයි.














