ලොව විශාලතම මතක චිප් (Memory Chip) නිෂ්පාදකයා වන සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් (Samsung Electronics) සමාගම 2026 වසරේ පළමු කාර්තුව සඳහා සිය මෙහෙයුම් ලාභය අටගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවට පුරෝකථනය කර තිබේ කෘතිම බුද්ධි (AI) තාක්ෂණය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වෙනුවෙන් ලොව පුරා පවතින දැවැන්ත ඉල්ලුම හේතුවෙන් චිප්ස් මිල ඉහළ යාම මීට ප්‍රධාන හේතුව වී ඇත ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ සමාගමේ මෙහෙයුම් ලාභය වොන් ට්‍රිලියන 57.2 ක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 37.92 ක්) වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර එය පසුගිය වසරේ මුළු ලාභයටත් වඩා වැඩි අගයකි
කෘතිම බුද්ධි දත්ත මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය චිප්ස් සැපයීමේදී පවතින තදබදය නිසා මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති මීට වසරකට පෙර එම කාලසීමාව තුළ සැම්සුන්ග් සමාගම ලබා තිබුණේ වොන් ට්‍රිලියන 6.69 ක ලාභයක් පමණි මෙම වාර්තාගත ලාභය වෙළඳපොළ අපේක්ෂාවන් ද අභිබවා ගොස් ඇති අතර එමඟින් ගෝලීය තාක්ෂණික වෙළඳපොළ තුළ සැම්සුන්ග් සමාගමේ ආධිපත්‍යය තවදුරටත් තහවුරු වී තිබේ
තාක්ෂණික ක්ෂේත්‍රයේ මෙම දැවැන්ත පිම්ම හමුවේ වුවද මැදපෙරදිග පවතින ඉරාන-ඇමෙරිකානු යුදමය තත්ත්වය නිසා අනාගතයේදී පාරිභෝගික ඉල්ලුම මන්දගාමී විය හැකි බවට ද යම් සැකයක් මතුව ඇත විශේෂයෙන්ම බලශක්ති මිල ඉහළ යාම සහ ගෝලීය උද්ධමනය ඉහළ යාම හමුවේ තාක්ෂණික මෙවලම් සඳහා පවතින ඉල්ලුමට බලපෑම් එල්ල විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි කෙසේ වෙතත් කෘතිම බුද්ධි ක්ෂේත්‍රයේ පවතින වේගවත් වර්ධනය සැම්සුන්ග් වැනි සමාගම්වලට ඉදිරි වසර කිහිපය තුළ විශාල වාසි අත්කර දෙනු ඇති බව විශ්ලේෂකයන්ගේ අදහසයි














