දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා රජය පිහිටුවා ඇති ‘Rebuilding Sri Lanka’ අරමුදලට ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් රුපියල් ලක්ෂ 10ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබේ.
මෙම පරිත්‍යාගය සම්බන්ධ වැදගත් තොරතුරු මෙසේය. සැන් ෆ්රැන්සිස්කෝහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් නියෝජනය කරමින් පාලිත රාජපක්ෂ මහතා විසින් ඊට අදාළ චෙක්පත ඊයේ (05) ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා වෙත භාර දෙන ලදී.
ආපදා තත්ත්වය හමුවේ විදේශගත ශ්‍රී ලාංකිකයන් ද මෙලෙස මානුෂීය සහන කටයුතු සඳහා සක්‍රීයව දායක වීම අගය කළ යුත්තක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. මෙම අරමුදල හරහා හානි වූ නිවාස සහ යටිතල පහසුකම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට රජය සැලසුම් කර ඇත.














