අද (28) පල්ලෙකැලේදී පාකිස්ථානය සමඟ පැවැත්වෙන සුපිරි 8 වටයේ අවසන් තරගයෙන් පසුව, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව අද දෙරණ වාර්තා කරයි. ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමන් තවදුරටත් පුහුණුකරු ලෙස කටයුතු නොකරන බව ඔහු මීට පෙරද තහවුරු කර තිබුණි.














