ලංකා සීනි සංස්ථාවේ සභාපතිනිය ලෙස කටයුතු කළ සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය කර්මාන්ත ඇමැති සුනිල් හඳුනෙත්ති මහතා වෙත ඊයේ (17) යොමු කර ඇති බව වාර්තා වේ. පැල්වත්ත සහ සෙවණගල යන සීනි කම්හල් අයත් ලංකා සීනි සංස්ථාවේ පාලන කටයුතු සම්බන්ධයෙන් මතු වූ යම් ගැටලුකාරී තත්ත්වයක් මෙම ඉල්ලා අස්වීමට හේතු වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද කළ ප්‍රකාශයකදී ද සඳහන් කළ පරිදි, රජය විසින් පත්කළ උසස් නිලධාරීන් කිහිපදෙනෙකුම පසුගිය දින කිහිපය තුළ සිය ධුරවලින් ඉල්ලා අස්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර සීනි සංස්ථා සභාපතිනියගේ ඉල්ලා අස්වීම ද එහි තවත් එක් පියවරකි.














