දින 40කට ප්‍රමාණවත් ඉන්ධන තොග පැරණි මිලට ගෙන්වා රට තුළ පවතින බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබියදී, හදිසියේ ඉන්ධන මිල ඉහළ දැමීම හරහා රජය ජනතාවගෙන් අසාධාරණ ලෙස මුදල් අයකර ගන්නා බව සමගි ජන බලවේගය චෝදනා කරයි. අද (10) පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා අවධාරණය කළේ මැදපෙරදිග යුදමය තත්ත්වය පලිහක් කරගනිමින් ආණ්ඩුව ජනතාව සුරාකන බවයි.
මිල සූත්‍රය භාවිතා කළ යුත්තේ අලුතින් ගෙන්වන තෙල් සඳහා මිස දැනටමත් අඩු මිලට ගෙන්වා ගබඩා කර ඇති තෙල් සඳහා නොවන බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. මහ බැංකුව විදේශ සංචිතවලින් පිරී ඇති බව පවසන රජය, එම සහන ජනතාවට ලබාදෙනවා වෙනුවට අසාධාරණ ලෙස ලාභ ලැබීමට උත්සාහ කරන බවටද ඔහු චෝදනා කළේය. මෙම මිල ඉහළ දැමීම හේතුවෙන් ඉදිරියේදී අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ගණන් ද ඉහළ ගොස් ජනතාව දැඩි පීඩනයකට පත්වනු ඇති බව රංජිත් මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














