ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් හෝසේ නුවර සුප්‍රසිද්ධ වෙළඳ සංකීර්ණයක් වන සන්ටානා රෝ (Santana Row) හිදී පසුගිය ඉරිදා පස්වරුවේ යුදෙව් ජාතිකයින් දෙදෙනෙකුට පුද්ගලයින් තිදෙනෙකු විසින් අමානුෂික ලෙස පහර දී තිබේ. සැන් හෝසේ පොලිස් දෙපාර්තමේන්තුව (SJPD) ප්‍රකාශ කරන්නේ මෙම ප්‍රහාරය යුදෙව් විරෝධී (Antisemitic) වෛරී අපරාධයක් ලෙස සලකා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
වාචික තර්කයකින් ආරම්භ වූ මෙම ගැටුම ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන ඇති අතර, සැකකරුවන් විසින් වින්දිතයින් බිම දමා පහර දෙන ආකාරය වීඩියෝ දර්ශනවල ද සටහන් වී ඇත. ප්‍රහාරය එල්ල කරන අතරතුර සැකකරුවන් විසින් යුදෙව් ජාතියට අපහාස වන අයුරින් අසභ්‍ය වචන (Antisemitic slurs) භාවිතා කර ඇති බවට වින්දිතයින් විසින් චෝදනා කර තිබේ. සැන් හෝසේ පොලිසියේ විශේෂ ඒකකයක් (Assaults Unit) මගින් මෙම සිද්ධිය විමර්ශනය කරනු ලබන අතර මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. මැදපෙරදිග පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ ලොව පුරා විවිධ නගරවල මෙවැනි ආගමික සහ ජාතිවාදී ගැටුම් ඉහළ යාමේ ප්‍රවණතාවයක් පවතින බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.














