බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස පෙට්‍රල් සහ ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු සපුගස්කන්ද පොලිස් වසමට අයත් හෙයියන්තුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සපුගස්කන්ද පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව 2026 මාර්තු 21 වැනිදා රාත්‍රී කාලයේදී මෙම වැටලීම සිදුකර ඇත.
මෙහිදී බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගෙන සිටි පෙට්‍රල් ලීටර් 05 ක් සහ ඩීසල් ලීටර් 117 ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48 ක් වන හෙයියන්තුඩුව ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ අනාරක්ෂිත ලෙස ඉන්ධන ගබඩා කිරීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි. මෙලෙස බලපත්‍ර රහිතව ඉන්ධන රැස්කර තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව පොලිසිය ජනතාවට සිහිපත් කරයි.














