රණවිරුවන්ගෙන් පළිගන්නා සංස්කෘතියක් රටේ ඇති කළේ රාජපක්ෂලා බව හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ත්‍රස්තවාදී ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයින්ගේ දෙමාපියන් අත්අඩංගුවට ගැනීමට නීතියක් නොමැති බව පෙන්වා දෙන ඔහු, රණවිරුවන් වුවද වැරදි කර ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කළේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, පසුබිම කුමක් වුවත් රටට සේවයක් කළා යැයි පවසමින් නීතිය වෙනස් කළ නොහැකි බවයි.















