සර්වජන බලය පක්ෂයේ කොලොන්නාව නගර සභා මන්ත්‍රීනි ශිරෝමි ගංගානී මහත්මිය අද (19) එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී වත්මන් රජයේ ක්‍රියාකලාපය දැඩි උපහාසයට සහ විවේචනයට ලක් කළාය. වත්මන් මාලිමා රජය රටේ ප්‍රශ්න හමුවේ අක්‍රියව සිටින බවත්, ඔවුන්ව අවදි කිරීමට තම පක්ෂයට මැදිහත් වීමට සිදු වූ බවත් ඇය එහිදී අවධාරණය කළාය. “අපි කෙවිටෙන් දෙකක් දුන්නට පස්සේ තමයි මේ නින්දේ හිටපු මාලිමා ආණ්ඩුව ඇහැරුණේ” යැයි පවසමින් ඇය රජයේ ප්‍රමාදයන් විවේචනය කළාය.
රටේ පවතින බලශක්ති අර්බුදය සහ ඉන්ධන හිඟය පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ, ජනතාව නැවතත් පෝලිම් යුගයකට ඇද වැටෙමින් පවතින බවයි. “ජනාධිපතිතුමා අධ්‍යක්ෂණය කරන ‘රටම අඳුරේ’ චිත්‍රපටය ළඟදීම තෙල් පෝලිම් අසල ප්‍රදර්ශනය කිරීමට නියමිතයි” යනුවෙන් ඇය රජයේ අසාර්ථකත්වය උපහාසාත්මකව පෙන්වා දුන්නාය. ජනතාවට සහන දෙන බව පවසා බලයට පත් වූ රජය අද වන විට ජනතාව අඳුරේ තබා ඇති බවට ද ඇය චෝදනා කළාය.
පවතින ආර්ථික පීඩනය හමුවේ සාමාන්‍ය ජනතාවගේ ජීවනෝපාය බිඳවැටෙමින් පවතින බවත්, රජය විසඳුම් සෙවීම වෙනුවට වගකීම් මගහරිමින් සිටින බවත් මන්ත්‍රීවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. සර්වජන බලය පක්ෂය නිරන්තරයෙන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත්, රජය නිවැරදි මාවතට ගැනීමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක බලපෑම් කරන බවත් ඇය මෙහිදී අවධාරණය කළාය.














