සෞදි අරාබි ගුවන් සීමාවට ඇතුළු වූ හඳුනා නොගත් ඩ්‍රෝන යානයක් (Drone) සාර්ථකව හඳුනාගෙන විනාශ කිරීමට සෞදි ආරක්ෂක අංශ සමත් වී තිබේ. සෞදි ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් තුර්කි අල්-මල්කි (Turki Al-Malki) උපුටා දක්වමින් සෞදි පුවත් ඒජන්සිය (SPA) අද (03) උදෑසන මෙම පුවත වාර්තා කළේය.
මැදපෙරදිග කලාපය තුළ පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ සෞදි අරාබිය සිය ආරක්ෂක විමර්ශන කටයුතු දැඩි කර ඇති අතර, මෙම ඩ්‍රෝන යානය කුමන පාර්ශ්වයකින් එවනු ලැබුවක්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය කර නොමැත. කෙසේ වෙතත්, ඕනෑම තර්ජනයකට මුහුණ දීම සඳහා සෞදි හමුදාව ඉහළ සීරුවෙන් පසුවන බව ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරයි.














