ප්‍රකට “TODAY” වැඩසටහනේ තාරකාවක වන සවානා ගුත්‍රී (Savannah Guthrie) සහ ඇගේ සොහොයුරිය වන ඇනී, පසුගිය පෙබරවාරි 01 වැනිදා සිය නිවසේදී පැහැරගැනීමට ලක්වූ බවට සැකකෙරෙන 84 හැවිරිදි තම මව වන නැන්සි (Nancy) වෙනුවෙන් අතිශය සංවේදී පණිවුඩයක් තබා තිබේ. ඇරිසෝනාහි පිහිටි නැන්සිගේ නිවස ඉදිරිපිට ඉදිකළ ස්මාරකයක් අසලදී මෙම සොහොයුරියන් දෙදෙනා සිය මව වෙනුවෙන් මල් කළඹක් තබමින් මෙලෙස ශෝකය පළ කර ඇත. “අම්මේ, අපිට ඔයාව ගොඩක් මතක් වෙනවා! අපේ හදවත් බිඳිලා. අපි මේ ඉන්නේ අළු සහ පිළිස්සුණු පොළොවක් මතයි!” යනුවෙන් එම සමරු සටහනේ සඳහන්ව තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පැහැරගැනීම සහ විමර්ශන: නැන්සි ගුත්‍රී අවසන් වරට දැක ඇත්තේ ඇගේ බේනෑ වන ටොමසෝ සියෝනි (Tommaso Cioni) විසිනි. එදින රාත්‍රියේ පවුලේ අය සමඟ රාත්‍රී ආහාරය ගැනීමෙන් පසු ඇයව නිවසට ඇරලවා ඇති අතර, පසුව මුහුණු ආවරණය කරගත් තුවක්කුකරුවෙකු ඇය නිවසේ නිදා සිටියදී පැහැරගෙන යන අයුරු ආරක්ෂක කැමරාවල සටහන්ව තිබේ. කෙසේ වෙතත්, මේ දක්වා කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර මව සොයා දෙන ලෙස පවසමින් ඩොලර් මිලියන ගණනක කප්පම් ඉල්ලීම් ලැබුණ ද ඒවායේ කිසිදු සත්‍යතාවක් මෙතෙක් තහවුරු වී නොමැත.
පවුලේ සාමාජිකයන් නිදහස් කිරීම: මුලින් පවුලේ සාමාජිකයන් පිළිබඳව සැකයක් මතු වුවද, විශේෂයෙන්ම ඇයව අවසන් වරට දුටු බෑනා වන සියෝනි පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ මත පළ වුවද, පොලිසිය විසින් පවුලේ සියලුම සාමාජිකයන් මෙම සිද්ධියෙන් නිදහස් කර තිබේ. ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක අවධානය වෙනත් අතකට යොමුව තිබුණ ද, සවානා ගුත්‍රී ඇතුළු පවුලේ පිරිස තම මව පිළිබඳව තවමත් බලාපොරොත්තු අත්හැර නොමැත.














