තලංගම පොලිස් වසමට අයත් අකුරේගොඩ ප්‍රදේශයේදී පසුගිය 13 වැනිදා මෝටර් රථයක් තුළ සිටි නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ දෙවන වෙඩික්කරු ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව තිබේ. ඊයේ (24) දින ඌව පළාතේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙම අතිශය කර්කශ ඝාතන සිද්ධියට සම්බන්ධ පළමු වෙඩික්කරු පසුගිය 21 වැනිදා අම්බලන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර, ඊයේ සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ අපරාධයට සෘජුවම සම්බන්ධ වූ තුවක්කුකරුවන් දෙදෙනාම දැන් පොලිස් භාරයේ පසුවේ. මෝටර් රථයකින් පැමිණ නීතිඥ යුවළ ඉලක්ක කරමින් මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය සහ අපරාධ විමර්ශන අංශ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.














