අද (පෙබරවාරි 14) රාත්‍රී 8:50 ට පමණ කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍යාගාරයක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙම වෙඩි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, අද දින කළුතර වාඩිය මංකඩ ප්‍රදේශයේදී ද තවත් වෙඩි තැබීමක් වාර්තා විය. එම සිදුවීමෙන් 32 හැවිරිදි පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය තහවුරු කරයි.














