දකුණු පළාත් ඉඩම් කොමසාරිස් ලෙස මීට පෙර කටයුතු කළ සේනක පල්ලියගුරුගේ මහතා අද (18) දින පූර්වභාගයේ යෙදුණු සුභ මොහොතින් දකුණු පළාත් පාලන කොමසාරිස්වරයා ලෙස සිය රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කරන ලදී. ඒ මහතා මින් පෙර ද දකුණු පළාත් පාලන කොමසාරිස් ධූරයේ කටයුතු කර පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ප්‍රවීණයෙකු වන සේනක පල්ලියගුරුගේ මහතා සිය වෘත්තීය ජීවිතය තුළ කොටපොල ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසත්, මාතර නාගරික කොමසාරිස්වරයා ලෙසත් සුවිශේෂී සේවාවක් ඉටු කර ඇත. පරිපාලන නිලධාරියෙකුට අමතරව ඔහු ප්‍රකට දේශකයෙකු සහ ග්‍රන්ථ කතුවරයෙකු ලෙස ද සමාජයේ ගෞරවාදරයට පාත්‍ර වූ අයෙකි.
දකුණු පළාතේ පළාත් පාලන ආයතනවල පරිපාලන කටයුතු සහ මහජන සේවාවන් වඩාත් විධිමත් කිරීමෙහිලා ඔහුගේ මෙම පත්වීම බෙහෙවින් වැදගත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. හිටපු ජනාධිපති ලේකම්වරයෙකු බන්ධනාගාර ගතව සිටීම සහ ඒ සම්බන්ධයෙන් දේශපාලන පරිපාලන ක්ෂේත්‍රයේ යම් කනස්සල්ලක් පවතින පසුබිමක, මෙවැනි පළපුරුදු නිලධාරීන් සිය රාජකාරි භාර ගැනීම රාජ්‍ය පරිපාලන පද්ධතියේ ස්ථාවරත්වයට වැදගත් වේ.














