Sensodyne නිෂ්පාදකයන් වන Haleon Lanka පුද්ගලික සමාගම, 2026 ලෝක මුඛ සෞඛ්‍ය දිනය සැමරීම වෙනුවෙන් දිවයින පුරා ඉහළ ජනතා සහභාගීත්වයක් ඇතිව මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනයට සුවිශේෂී වැඩසටහන් මාලාවක් සාර්ථකව පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) සමඟ හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන් මාලාව හරහා දැනුවත් කිරීමේ වැඩසටහන් සහ නොමිලේ දන්ත පරීක්ෂණ මඟින් ලාංකිකයන් මිලියන ගණනක් වෙත සේවාව සැලසීමට ඔවුන්ට අවස්ථාව ලැබී තිබෙනවා.
දන්ත සංවේදීතාව (Dental Sensitivity) සඳහා ලොව ප්‍රමුඛතම දන්තාලේප සහ දත්බුරුසු සන්නාමයක් වන Sensodyne, ලොව පුරා දන්ත සංවේදීතාවට ඇති ප්රමුඛ පෙළේ විසඳුමක් ලෙස පිළිගත් නිෂ්පාදනයක් වන අතර, මෙම සහයෝගීතාවෙන් ලංකාව තුළ මුඛ සෞඛ්‍ය අධ්‍යාපනය සහ එම සේවා ලබා ගැනීමේ පහසුව තහවුරු කිරීමට Haleon සමාගම දක්වන කැපවීම මනාව තහවුරු වෙනවා. ‘#BeSensitivetoOralHealth: Take the first step’ යන තේමාව යටතේ ක්‍රියාත්මක වූ මෙම දීපව්‍යාප්ත වැඩසටහන මඟින් මුඛ සෞඛ්‍යයේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමටත්, යහපත් මුඛ සෞඛ්‍ය පුරුදු සඳහා මුල් පියවර තැබීමට ලාංකිකයන් උනන්දු කිරීමටත් ඉලක්ක කර තිබෙනවා. විශේෂයෙන්ම ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකට බලපාන පොදු තත්ත්වයක් වන දන්ත සංවේදීතාව කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.
ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ සාමාජිකයන් විසින් පවත්වනු ලැබූ අධ්‍යාපනික සැසි හරහා නිවැරදිව දත් මැදීමේ ක්‍රම, නිතිපතා දන්ත පරීක්ෂණ කිරීමේ වැදගත්කම සහ සංවේදී දත් කළමනාකරණය සඳහා විශේෂ උපදෙස් ලබාදීම වැනි දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් මෙම පුළුල් වැඩසටහන් මාලාවට ඇතුළත් කර තිබුණා. මීට අමතරව, දීප ව්‍යාප්තව පවත්වන ලද දන්ත පරීක්ෂණ සායන මඟින් 10,000 කට අධික පිරිසකට නොමිලේ වෘත්තීය දන්ත පරීක්ෂාවන් සහ පෞද්ගලිකවම දන්ත වෛද්‍ය උපදෙස් ලබා ගැනීමටද අවස්ථාව සලසා දී තිබෙනවා.
මුඛ සෞඛ්‍යය යනු සෞඛ්‍ය යහපැවැත්මේ වැදගත් අංගයක් වුවත්, ලංකාව තුළ එය බොහෝ විට නොසලකා හරින කාරණයක් බවට පත්ව ඇති බවයි Haleon Lanka පුද්ගලික සමාගමේ වාණිජ අධ්යක්ෂ මංජුල වීරකෝන් මහතා ප්‍රකාශ කරන්නේ. ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය සමඟ පවතින සමීප සහයෝගීතාව හරහා දිවයින පුරා මුඛ සෞඛ්‍ය නංවාලීමේ ප්රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට ලැබීම පිළිබඳව සමාගම බෙහෙවින් ආඩම්බර වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.














