අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) මහතා ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවය පිළිබඳව ඉතා ඉහළ සැලකිල්ලක් දක්වන බව ඉන්දියාවේ අමෙරිකානු තානාපති සර්ජියෝ ගෝර් (Sergio Gor) මහතා අද (01) ප්‍රකාශ කළේය.
ඊයේ (අඟහරුවාදා) ධවල මන්දිරයේදී ජනාධිපති ට්‍රම්ප් හමු වූ තානාපතිවරයා, සිය සංචාරයේ පළමු නැවතුම ලෙස ජනාධිපතිවරයා හමු වී මෙම සාකච්ඡාව පැවැත්වූ බව ‘X’ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය. “ජනාධිපතිවරයා අමෙරිකාව සහ ඉන්දියාව අතර සබඳතාවය පිළිබඳව ගැඹුරින් සැලකිලිමත් වෙනවා,” යනුවෙන් ඔහු එහි සටහන් කර ඇත.
පසුගිය සතියේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි (Narendra Modi) සහ ජනාධිපති ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක් ද පැවැත්විණි. ඉරාන යුද්ධය ආරම්භ වීමෙන් පසු නායකයන් දෙපළ අතර පැවැති පළමු නිල සංවාදය මෙය වූ අතර, එහිදී ගල්ෆ් කලාපයේ පවතින වත්මන් යුදමය තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. තමන් සහ අග්‍රාමාත්‍ය මෝදි යනු වැඩ අවසන් කරන (Get things done) නායකයන් දෙදෙනෙකු බව ජනාධිපති ට්‍රම්ප් මීට පෙර ද අවධාරණය කර තිබුණි.














