• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය පාලනයේ විනිවිදභාවයක් නැති නිසා ආණ්ඩුවේ බරපතල කඩාවැටීමක් – මුජිබර් රහුමාන්

14 March 2024
in දේශීය, පුවත්
රාජ්‍ය පාලනයේ විනිවිදභාවයක් නැති නිසා ආණ්ඩුවේ බරපතල කඩාවැටීමක් – මුජිබර් රහුමාන්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

රාජ්‍ය පාලනයේ විනිවිද භාවයක් නොමැති නිසා ආණ්ඩුවේ බරපතල කඩාවැටීමක් පෙන්නුම් කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. 1300ඒ මහතා මේ බව පැවසුවේඅද (14) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමිනි.

එහිදී අදහස් පල කල මුජිබර් රහුමාන් මහතා ‘‘ඩොලරය අඩුවෙනවා රුපියල ශක්තිමත් වෙනවා කියලා ආණ්ඩුව ප්‍රකාශ කරනවා. 318 ට තිබුණ ඩොලරය අද වනවිට 305 කට වගේ අඩුවෙලා තිබෙනවා. නමුත් ඩොලරය අඩුවීමේ වාසිය රටේ ජනතාවට ලැබිලා නෑ. ඩොලරය අඩු වුණාට ඉන්ධන මිල , ගෑස් මිල , අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා වල මිල අඩුවුණේ නෑ. ඩොලරය අඩුවීමෙන් ජනතාවට දැනෙන ආකාරයේ ප්‍රගතියක් හෝ සහනයක් වාර්තා වුණේ නෑ. වෙළඳ ඇමැතිවරයා කියනවා සිකුරාදා සිට කිරිපිටි මිල අඩු කරනවා කියලා. නමුත් ආණ්ඩුව භාණ්ඩවල මිල වැඩි කරන අවස්ථාවේ ක්ෂණිකව භාණ්ඩවල මිල වැඩි කරනවා. භාණ්ඩවල මිල වැඩි කරන අවස්ථාවේ කිසිදු සොයා බැලීමක් නොකර තමයි භාණ්ඩවල මිල වැඩි කරන්නේ. රාජ්‍ය පාලනය කිරිමේ නොහැකියාව තමයි මෙයින් පේන්න තිබෙන්නේ. රාජ්‍ය පාලනය විනිවිද භාවයකින් සිදුකරන්න ආණ්ඩුවට නොහැකි වෙලා තිබෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යටතේ ඉටු කළ යුතු කැපවීම්වලින් සියයට 33 ක් සපුරාලීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති බව වෙරිටේ රීසච් ආයතනය ප්‍රකාශ කරලා තිබෙනවා. ආණ්ඩුකරණයට සම්බන්ධ දේවල් වලින් සියයට 33 ක් සපුරාලීමට ශ්‍රී ලංකාව අසමත් වෙලා තිබෙනවා. ආණ්ඩුකරණයට අවශ්‍ය විනිවිදභාවය , යහපාලනය , වංචා දුෂණ අවම කිරිම , නිතියේ ආධිපත්‍ය ඇතිකිරිම , අධිකරණයේ ස්වාධීනත්වය ඇති කිරිම , කොමිසන් සභාවලට ස්වාධීනව වැඩකරන්න අවස්ථාව ලබාදීම , වර්තමාන ආණ්ඩුව සපුරාලන්න අසමත් වෙලා තිබෙනවා. මෙයින් ආණ්ඩුවේ බරපතල කඩාවැටීමක් පෙනෙන්න තිබෙනවා.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟවුණ කරණු වලින් සියයට 36 ක් ආණ්ඩුව ලබාදී නැති බවත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟවුණ වාර්තා කිසිදු දෙයක් සොයාගැනීමට නැති බවත් ආණ්ඩුව එම වාර්තා එළි දක්වාද නැති බවත් එම කරුණු ආණ්ඩුව සඟවාගෙන සිටින බවත් වෙරිටේ රීසච් ආයතනය ප්‍රකාශ කරලා තිබෙනවා. ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟවුණ කරුණුවලින් සියයට 40 ක් වගේ ප්‍රමාණයක් තමයි සිදුකරලා තිබෙන්නේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුමේදී එකඟවුණ කරුණු වලින් සියයට 60 ක් පමණ ආණ්ඩුව එළිදක්වලා නෑ.

ජනාධිපතිවරයා ලොකේ වටේ යනවා. විදේශ ඇමැතිවරයා සහ විදේශ රාජ්‍ය ඇමැතිවරයා ඔවුන්ගේ කාලයෙන් බොහෝ කාලයක් ගත කරන්නේ විදේශ රටවල. රටේ ජනතාවගේ බදු මුදල්වලින් මොවුන් ලොකේ වටේ සංචාරවල නිරත වෙනවා. මෙම සංචාරවලින් මොවුන් රටට කිසිදු ආයෝජනයක් , කිසිදු ප්‍රතිලාභයක් ගෙනල්ලා නෑ. රට මුහුණ ද සිටින ආර්ථික අර්බුදය හමුවේ මොවුන් කිසිදු කැපකිරිමක් සිදුනොකර සෑම බදු බරක්ම රටේ අහිංසක ජනතාව මත පටවලා තිබෙන්නේ. ලංකාවේ සිටින ඉහළ පෙළේ ඇගළුම් කර්මාන්තශාලා 15 ක් පමණ වහලා තිබෙනවා. ඒ ඇගළුම් කර්මාන්තශාලා බංග්ලාදේශය , වියට්නාමය වැනි රටවලට ගෙනියලා තිබෙනවා.කර්මාන්තශාලා වසා දැමීමේන් 6000 කගේ පමණ රැකියා නැති වෙලා තිබෙනවා. වක්‍රකාර රැකියා 60,000 ක් පමණ අහිමි වෙලා තිබෙනවා. රාජ්‍ය පාලනය විනිවිදභාවයකින් සිදු නොකිරීම , වංචා දූෂණ අවම නොකිරීම , නිතියේ ආධිපත්‍ය ඇති කරන්න කිසිදු වැඩපිළිවෙළක් නැති නිසා රටේ සිටින ව්‍යාපාරිකයන් මුදල් ආයෝජනය කරන්න ඉදිරියට එන්නේ නෑ. ආයෝජකයින්ට ආණ්ඩුව පිළිබඳව විශ්වාසයක් නෑ. ජාත්‍යන්තර ආයෝජකයන්ටත් රට පිළිබඳව කිසිඳු විශ්වාසයක් නෑ. රට බංකොලොත් කළ , ආර්ථික වශයෙන් වට්ටපු කණ්ඩායමක් බලයේ සිටින විට රටේ ආර්ථික වර්ධනයක් සිදුවන්නේ නෑ. ඒ ගැන ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට තේරෙන්නේ නෑ. ඔවුන් හිතන්නේ ඔවුන් බලයේ ඉන්න ඉන්න රට ගොඩ යයි කියලා. එහෙම දෙයක් සිදුවන්නේ නෑ.

රටේ ආර්ථික අර්බුදයක් තිබෙනවා, ආර්ථික දරිද්‍රතාවයක් තිබෙනවා ඒ නිසා ඉවසන්න කියලා ආණ්ඩුව ජනතාවට කියනවා. නමුත් පාලකයන් රටේ තිබෙන ආර්ථික අර්බුදය පිළිබඳ තැකීමක් නොකර තමයි වැඩකරන්නේ. ඔවුන් සියලු වරප්‍රසාද භුක්තිවිදිමින් ජිවිත්වීමට තමයි උත්සහ කරන්නේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බලාපොරොත්තු වන නීතියේ ආධිපත්‍ය , රාජ්‍ය පාලනය විනිවිද භාවයකින් සිදුකිරිම , වංචා දූෂණ අවම කර ගැනීමේ වැඩපිළිවෙළක් වර්තමාන ආණ්ඩුව තුළ නෑ. එවැනි දේවල් තිබියදී ජාත්‍යන්තර ආයෝජකයන් ලංකාවට එන්නේ නෑ. ආණ්ඩුව ඉන්දියාවේ අදානි ඇතුළු ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු සමඟ තමයි ගනුදෙනු කරන්නේ. එම ව්‍යාපාරිකයන් සමඟ තිබෙන ගණුදෙනුවල ප්‍රශ්න තිබෙනවා.

මේ පාලන ක්‍රමය වෙනස් කළ හැකි , ජාත්‍යන්තර විශ්වාසය දිනා ගැනීමට හැකි , දේශීය ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකියාව සමගි ජනබලවේගය සතුව තිබෙනවා. වර්තමාන පාලකයන් තවදුරටත් බලයේ රැඳී සිටිම තුළින් රට තුළ ආර්ථික ප්‍රශ්න වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නෑ. 2024 වසරේ ආණ්ඩු පෙරළියකට ජනතාව සුදානම් විය යුතුයි. ජනතාව ආර්ථික අර්බුදයට ඇඳ දාපු ආණ්ඩුව පරාජය කරන්න රටේ ජනතාවට මේ වසරේදී අවස්ථාව උදා වෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන්න සමගි ජනබලවේගයට ආරධනා කරලා වැඩක් නෑ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින්ව කිහිප සැරයක්ම විපක්ෂ නායකතුමා හමුවුණා. එහිදී විපක්ෂයේ මතය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින්ට සෘජුව ප්‍රකාශ කරලා තිබෙනවා. සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි සංශෝධනය කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින්ට පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා. ජනාධිපතිවරයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟවුණ දේවල්වලට විපක්ෂයත් සම්බන්ධකරගන්න දරන උත්සහ වලට සහ එවැනි සාකච්ඡාවලට සහභාගි වෙන්නේ නෑ. ජනාධිපතිවරයාගේ ගැට වලට සමගි ජනබලවේගය අහුවෙන්නේ නෑ. ජාතික ජන බලවේගය වෙලාවකට කියනවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කටයුතු කරන්නේ නෑ කියලා. තවත් පිරිසක් කියනවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වැඩ කරනවා කියලා. මේක අපිටත් ප්‍රේහෙලිකාවක්. ජාතික ජන බලවේගය මුල ඉදලා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙළට විරුද්ධ වුණ පිරිසක්. ආර්ථිකය ගැන ඔවුන්ට තිබෙන්නේ පරස්පර කතා. සමගි ජනබලවේගය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වැඩකරන්න සුදානම් බව ප්‍රකාශ කරලා තිබෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන සියලු දේවල් වලට එකඟවෙන්නත් සමගි ජනබලවේගය සුදානම් නෑ “ යැයි මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 13,252
Previous Post

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 විවාදයට

Next Post

I P L තරගාවලියේ මාධ්‍ය අනුග්‍රාහයකත්වය Supreme නාලිකාව හිමිකරගනි

editor ttvnews

editor ttvnews

Next Post
I P L තරගාවලියේ මාධ්‍ය අනුග්‍රාහයකත්වය Supreme නාලිකාව හිමිකරගනි

I P L තරගාවලියේ මාධ්‍ය අනුග්‍රාහයකත්වය Supreme නාලිකාව හිමිකරගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved