ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය යළිත් වේගයෙන් හිස ඔසවමින් පවතින පසුබිමක, හම්බන්තොට ෂැංග්‍රිලා (Shangri-La Hambantota Golf Resort & Spa) හෝටලය මෙරට ජාත්‍යන්තර මට්ටමේ මංගල උත්සව පවත්වන ලොව ප්‍රමුඛතම ගමනාන්තයක් (Destination Wedding Powerhouse) බවට පත්කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබා දෙමින් සිටිනවා
මෙම දැක්ම සැබෑ කරමින් පසුගිය මාර්තු මාසයේදී ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන මුජ්තබා ෂයිකානි (Mujtaba Shaikhani) සහ මුම්බායි හි සුප්‍රකට රූපලාවන්‍ය වෛද්‍යවරියක වන වෛද්‍ය හෆ්ෂා (Dr. Hafsha) ගේ දැවැන්ත මංගල උත්සවය මෙම හෝටල් පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වා තිබෙනවා. දින කිහිපයක් පුරා පැවති මෙම මංගල සැමරුම වෙනුවෙන් හෝටල් පරිශ්‍රය තුළ පමණක් විශේෂ උත්සව 21ක් සංවිධානය කර තිබූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, පකිස්ථානය, එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් විශාල ආරාධිතයන් පිරිසක් මීට එක්ව සිටියා
මෙම සුවිශේෂී අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ද සහභාගී වූ අතර මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ දැවැන්ත මංගල උත්සව මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගතියට කෙතරම් වැදගත් ද යන්න එමඟින් මනාව පැහැදිලි වනවා. හෙක්ටයාර 58ක විශාල භූමි ප්‍රදේශයක පැතිරී ඇති ෂැංග්‍රිලා හම්බන්තොට හෝටලයට මෙවැනි දැවැන්ත සහ විවිධ තේමාවන්ගෙන් යුත් උත්සව ඉතා සාර්ථකව හැසිරවීමේ පූර්ණ හැකියාව පවතිනවා
මෙවැනි ජාත්‍යන්තර මංගල උත්සව හරහා මෙරට මල් සැරසිලි කරුවන්, නිර්මාණකරුවන්, ප්‍රවාහන සපයන්නන් සහ තවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රැසකට සෘජුවම ආදායම් මාර්ග උදාවන බැවින් එය මෙරට ආර්ථිකයට ද විශාල ශක්තියක්. ෂැංග්‍රිලා හම්බන්තොට හෝටලයේ සාමාන්‍යාධිකාරී රෙෆ්හාන් රසීන් (Refhan Razeen) මහතා ප්‍රකාශ කළේ මෙවැනි මංගල උත්සව හරහා මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සැබෑ දියුණුවක් ඇතිවන බවත්, මේ වසරේදී මෙවැනි ජාත්‍යන්තර මංගල උත්සව සඳහා ලැබෙන ඇණවුම් ප්‍රමාණය දෙගුණයකින් පමණ ඉහළ යනු ඇති බවත්ය














