• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිරූපමා ළග තිබ්බේ රටින් හොරකම් ගිය එව්වා බව ශිරාල් කියයි 

6 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නිරූපමා රාජපක්ෂ සහ තිරු නඩේෂන් ළඟ ඇති බවට හෙළිදරව් වූ මුදල අපේ රටෙන් හොරකම් කරගෙන ගිය මුදල් වලින් 10 % ක පමණ මුදල් ප්‍රමාණයක් පමණක් බව 43 සේනාංකයට අනුබද්ධ නීති ප්‍රතිසංස්කරණ ව්‍යාරය පවසයි.

එම සංවිධානයේ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ඊයේ (05) දින පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේ ණය ගෙවීම ඩොලර් බිලියන 7 ක් පමණ අවශ්‍ය බවයි.

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම පහළ ගොස් තිබෙන අතර අත්‍යවශ්‍ය භාණ්ඩ නැති වෙමින් යන්නේ රට සතු ඩොලර් හිඟය නිසා බව හෙතෙම පැවසිය.

නීතිඥ ශිරාල් ලක්තිලක මහතා මෙසේ අදහස් පල කල සිටියේය “මේ ඩොලර් තියෙන්නේ කා ගාවද? තීරු නඩේෂන් ගාව. නිරූපමා රාජපක්ෂ ගාව. ඔය එළි වුනේ එක පොඩ්ඩයි. කීප දෙනෙක් විතරයි. ඔය අපේ රටෙන් හොරකම් කරගෙන ගියපු මුදල් වලින් මම කියන්නේ ඒක 10% ක වගේ ප්රමාණයක්. හැබැයි ඉතුරු තව 90% ක් මේ වැනි ඩොලර් සංචිත ලංකාවෙන් කොල්ල කාගෙන ගියපු දේශපාලඥයන් විසින් හොර සල්ලි කළු සල්ලි හැටියට තැන්පත් කරලා තියෙනවා.” සිංගප්පූරු නීතියට අනුව යම් විදිහකින් යම් පුද්ගලයෙක් අක් වෙරළ සමාගමක් සමග ගනුදෙනු කරද්දී ඒ පුද්ගලයා යම් රටක දේශපාලන පවුලකට සම්බන්ධ පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයා සම්බන්ධයෙන් සිංගප්පූරු රජයට වාර්තා කිරීමේ වගකීමක් ඒ අක් වෙරළ සමාගමට තිබේ. තිරු නඩේෂන් කියන මහතා ඇසට් නම් අක් වෙරළ සමාගම සමග ගනුදෙනු කොට ඇති නමුත් තිරු නඩේෂන් මහතා, රාජපක්ෂ පවුලත් සමග සම්බන්ධ බවට එකී අක් වෙරළ සමාගම දැන සිටි නමුත්, ඒ පිළිබඳව, සිංගප්පූරු රජයට වාර්තා කොට නොමැත. ඒ අනුව එය සිංගප්පූරු රජය ඉදිරියේ කරන ලද, නීතිය ඉදිරියේ කරන ලද වරදකි. දෙවැනි කරුණ වන්නේ තිරු කුමාර නඩේෂන්ට විරුද්ධවම නීතිපතිවරයා විසින් අධිචෝදනා යොමු කරමින් වර්ෂ 2017 දී ගම්පහ අධිකරණයේ නඩුවක් පවරා තිබේ. ඒ අනුව චුදිතයෙක් හැටියට සිටින පුද්ගලයෙක් සමහ අක් වෙරළ සමාගමට ගනුදෙනු කළ නොහැක. නමුත් අදාළ ඒෂියා සිටි නම් සමාගම මේ සම්බන්ධයෙන් සිංගප්පූරු රජයට දැන්වීමක් සිදු කොට නොමැති අතර එය නීති විරෝධී කාර්යයකි. “නිරූපමා රාජපක්ෂ මහත්මිය චලාම් ඔයිල් එන්ටර්ප්රයිසස් සහ රොසෙට්කි කියන ඉතාලිය අක්වෙරළ සමාගම් සමග ගනුදෙනු කරලා තියෙනවා. ඒ වගේම තිරු නඩේෂන් මහත්මයා අක් වෙරළ සමාගම් 21 ක් සමග ගනුදෙනු කරලා තියෙනවා. දැන් මේ වෙබ් අඩවිය සඳහන් කරන විදිහට තව පුද්ගලයෝ දෙන්නෙක් මේ අක්වෙරළ සමාගම් එක්ක ගනුදෙනු කරලා තියෙනවා. එක්කෙනෙක් තමයි තිරකුමාර් අයංකා නඩේෂන් අනිත් පුද්ගලයා සනාරා නිරන්ත රාජපක්ෂ නඩේෂන් එතකොට පුද්ගලයන් හතර දෙනෙක් මේ අක්වෙරළ සමාගම් 11 ක් එක්ක ඩොලර් මිලියන 160 ක ගනුදෙනුව කරලා තියෙනවා. මේක බරපතලයි. එතකොට මේ හතර දෙනාම  ලාංකික පුරවැසියන්.” මේ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ වගකීමක් අල්ලස් හෝ දූෂණ කොමිසමට තිබේ. එමෙන්ම අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් වත්කම් ප්රකාශ කිරීමේ නඩුවක් නැතහොත් විමර්ශනයක් පවත්වන්නට අමතරව දූෂණ සිදුකිරීම පිළිබඳව සාක්ෂි විමර්ශනය කිරීම කළ යුතුය. ඩොලර් මිලියන 160ක් යනු විශාල මුදලකි. ඒ සියලු මුදල අයිති ශ්රී ලාංකික පුරවැසියන්ට ය. ඒ මුදල් වංචා කොට ඇත්නම් ඒ මුදල නැවත අප වෙත ලබා ගත යුතුය. “අපි රජයට කියනවා වහාම මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න. ඒ වගේම අපි රජයට කියනවා මේ පුද්ගලයන් වහාම ලංකාවේ පවතින නීතිය යටතේ අත්අඩංගුවට ගන්න කියලා. ඇත්ත වශයෙන්ම මේ සිදුවෙලා තියෙන වංචාකාරී ගනුදෙනු ජාත්යන්තර මට්ටමෙන් සිදුවෙලා තියෙන්නේ. ඔවුන් මුදල් විතරක් නෙවෙයි හොරකම් කරලා තියෙන්නේ. මේ වාර්තා වල තියෙන විදිහට ජාත්යන්තර වශයෙන් වටිනා කියන  ලාංකික චිත්‍ර 31 ක් මේ ගනුදෙනුවල තියෙනවා. ඔවුන් ස්විට්සර්ලන්තයේ චිත්ර සංරක්ෂිත තත්වයේ පවත්වාගෙන යා හැකි ගබඩාවක් තුළ තැන්පත් කරලා තියෙන්නේ. තිරුකුමාර නඩේෂන්ලගේ, ඔවුන්ගේ සහචරයොන්ගේ ගිණුම් ඇතුලේ මේ ඩොලර්, ඕන තරම් තියෙනවා. අපිට ඩොලර් නැතුව, අපි කන්න බොන්න නැතුව, අද බංකොලොත් ජාතියක් බවට පත්වෙනවා. ඒ නිසා, නීති ප්‍රතිසංස්කරණය ජාතික ව්‍යාපාරයක් හැටියට, අපිට අවශ්‍යතාවයක් තියෙනවා වහාම මේ නීති ප්රතිසංස්කරණය කරන්න. විශේෂයෙන්ම වත්කම් හා වගකීම් ප්රකාශ කිරීමේ පනත, වහාම නීතිය ඉදිරියේ සංශෝධනයට ලක් විය යුතුයි.” ලක්තිලක මහතා අවධාරණය කළේය.

Post Views: 9
Previous Post

කොරියාව තවත් වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

Next Post

පිළිකා රෝගයෙන් හිසකෙස් අහිමි වූ වෙනුවෙන් ස්වභාවික හිසකෙස් පළදනා පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතියක්

editor

editor

Next Post

පිළිකා රෝගයෙන් හිසකෙස් අහිමි වූ වෙනුවෙන් ස්වභාවික හිසකෙස් පළදනා පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved