සීගිරිය අභය භූමියට සහ සීගිරි පව්ව ඉදිරිපිට ඇති වැවට හෝටල් අපද්‍රව්‍ය සහ අසූචි මුසු ජලය මුදාහළ බවට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ප්‍රසිද්ධ සංචාරක හෝටලයක සහකාර කළමනාකරු, ඉංජිනේරු සහ උද්‍යාන පාලකවරයා අද (2026 මාර්තු 25) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. සීගිරිය වනජීවී අඩවි ආරක්ෂක එස්.එස්. මලින්ත මහතාගේ මෙහෙයවීමෙන් වනජීවී සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් 50ක පමණ පිරිසක් එක්ව මෙම විශේෂ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
පරීක්ෂණ පවත්වන නිලධාරීන් පෙන්වා දෙන්නේ හෝටලයෙන් බැහැර කළ අපද්‍රව්‍ය වන අලින් ඇතුළු සතුන් ආහාරයට ගෙන ඇති බව නිරීක්ෂණය වූ බවයි. ලෝක උරුම සීගිරි භූමියේ සුන්දරත්වයට සහ ජෛව විවිධත්වයට හානි වන අයුරින් ක්‍රියා කළ මෙම සැකකරුවන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














