• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශගුණික විපර්යාස පිළිබඳ සොයා බැලීම හා හරිත ආර්ථිකයක් ගොඩනැංවීමට නව ගිවිසුමකට අත්සන් තබයි

8 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ දේශගුණික ක්‍රියාකාරකම්වල ප්‍රගතිය සහ හරිත වර්ධක සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකා රජය හා ලෝක හරිත වර්ධක ආයතනය (GGGI) අතර ගිවිසුමකට අත්සන් තැබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ලෝක හරිත වර්ධක ආයතනයේ සභාපති හා එක්සත් ජාතීන්‍‍ගේ හිටපු මහ‍ ලේකම් බන් කී මූන් මහතා ඉදිරියේ ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෙම ගිවිසුමට අත්සන් තබනු ලැබීය.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය අනිල් ජාසිංහ සහ ලෝක හරිත වර්ධක ආයතනයේ හි අධ්‍යක්ෂ ජනරාල් ෆ්‍රෑන්ක් රිෂ්බමාන් (Frank Rijsberman) යන මහත්වරුන් විසින් ගිවිසුමට අත්සන් තබන ලදී.

රට තුළ හරිත වර්ධන මූලාරම්භයන් වඩාත් ඵලදායී ලෙස සැලසුම් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට මෙම ගිවිසුම මඟින් හැකියාව ලැබෙයි.

මෙම ගිවිසුම මඟින් අනාවරණය වන ආයතනවල ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා හරිත දේශගුණික අරමුදල (GCF) විසින් අරමුදල් සපයනු ලබන ජාතික අනුවර්තන සැලැස්ම (NAP) සහ ඒ සඳහා සූදානම් කිරීම‍ට සහාය වන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ද ඊට ඇතුළත් වේ.

මෙම ව්‍යාපෘතියට පළාත් අනුවර්තන සැලසුම් සංවර්ධනය කිරීම සහ එම සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා දේශගුණ අනුවර්තන ආයෝජන හඳුනා ගැනීම ද ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලංකාව 2019 දී ලෝක හරිත වර්ධක ආයතනයේ (GGGI) සාමාජිකයෙකු ලෙස එක් වූ අතර, 2022 ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාව එම ආයතනයේ උප සභාපති සහ ලෝක හරිත වර්ධක ආයතනයේ උප සභාපති ලෙස තේරී පත් විය.
ලෝක හරිත වර්ධක ආයතනය සංවර්ධනය වෙමින් පවතින රටවල සහ නැගී එන ආර්ථිකයන්ට තිරසාර ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමට සහාය දැක්වීමට කැපවී සිටියි.

එසේම එය හරිත වර්ධන සැලසුම්, ප්‍රතිපත්ති සහ රෙගුලාසි, හරිත ආයෝජන බලමුළු ගැන්වීම, හරිත වර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්ති උපදෙස් සහ තාක්ෂණික සහාය ලබා දීම, අඩු කාබන් හරිත ආර්ථිකයන් බවට සාමාජික රටවල් පර්වර්තනය කිරිම සඳහා සක්‍රීය පහසුකම් සපයන්නෙකුගේ කාර්යභාරය ඉටු කරයි.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක,

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති උපදේශක ආනන්ද මල්ලවතන්ත්‍රි, ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වුන්ජින් ජියොන්ග්, ලෝක හරිත වර්ධක ආයතනයේ ප්‍රධාන අධ්‍යක්ෂ ඩේව් එච් කිම්, වැඩසටහන් ප්‍රධානී, ආචාර්ය අචලා අබේසිංහ සහ ආචාර්ය සොනාලි සේනාරත්න මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 2
Previous Post

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය අද ජනපති ප්‍රධානත්වයෙන්

Next Post

රට වැටී ඇති අසාධ්‍ය තත්ත්වයෙන් ගොඩ ගැනීමට උපරිම සහාය දෙන්න – ජනපති

editor

editor

Next Post

රට වැටී ඇති අසාධ්‍ය තත්ත්වයෙන් ගොඩ ගැනීමට උපරිම සහාය දෙන්න - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආකර්ෂණ නීතියෙන් ජීවිතය සාර්ථක කරගන්න ක්‍රම 10ක්

ආකර්ෂණ නීතියෙන් ජීවිතය සාර්ථක කරගන්න ක්‍රම 10ක්

22 July 2025
පිරිමි බබා ගැහැණු බබෙක් කරන අම්මගේ යකඩ ඌණතාවය

පිරිමි බබා ගැහැණු බබෙක් කරන අම්මගේ යකඩ ඌණතාවය

22 July 2025
අදත් තද වැසි

අදත් තද වැසි

22 July 2025
තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරේ

තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරේ

21 July 2025

Recent News

ආකර්ෂණ නීතියෙන් ජීවිතය සාර්ථක කරගන්න ක්‍රම 10ක්

ආකර්ෂණ නීතියෙන් ජීවිතය සාර්ථක කරගන්න ක්‍රම 10ක්

22 July 2025
පිරිමි බබා ගැහැණු බබෙක් කරන අම්මගේ යකඩ ඌණතාවය

පිරිමි බබා ගැහැණු බබෙක් කරන අම්මගේ යකඩ ඌණතාවය

22 July 2025
අදත් තද වැසි

අදත් තද වැසි

22 July 2025
තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරේ

තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරේ

21 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආකර්ෂණ නීතියෙන් ජීවිතය සාර්ථක කරගන්න ක්‍රම 10ක්

ආකර්ෂණ නීතියෙන් ජීවිතය සාර්ථක කරගන්න ක්‍රම 10ක්

22 July 2025
පිරිමි බබා ගැහැණු බබෙක් කරන අම්මගේ යකඩ ඌණතාවය

පිරිමි බබා ගැහැණු බබෙක් කරන අම්මගේ යකඩ ඌණතාවය

22 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved