• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට නිෂ්පාදිත තනි සුපිරි පොහොර ඉදිරි මහ කන්නයේ සිට මෙරට වගාවට

15 May 2024
in දේශීය, පුවත්
මෙරට නිෂ්පාදිත තනි සුපිරි පොහොර ඉදිරි මහ කන්නයේ සිට මෙරට වගාවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආනයනික ත්‍රිත්ව සුපිරි පොහොර (TSP) වෙනුවට ආදේශකයක් ලෙස මෙරට නිෂ්පාදිත තනි සුපිරි පොහොර (SSP) ඉදිරි මහ කන්නයේ සිට මෙරට වගාව සඳහා භාවිතයට යොදා ගැනීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

මෙය ආනයනික ත්‍රිත්ව සුපිරි පොහොර (TSP- Triple Super Phosphate) වෙනුවට ආදේශකයක් ලෙස සිංගල් සුපර් පොස්පේට් (SSP- Single Super Phosphate) පොහොර මෙරට පසට ඉතාමත් යෝග්‍ය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ.

එප්පාවල රොක් පොස්පේට් යොදා ගනිමින් නිෂ්පාදනය කරන සිංගල් සුපර් පොස්පේට් පොහොර වී වගාව ඇතුළු අනෙකුත් බෝග වගාවන් සඳහා යොදා ගැනීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයැවීම යටතේ පත් කර ඇති මෙහෙයුම් කමිටුව අද දින(15) පෙරවරුවේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේ දී මෙරට නිෂ්පාදනය කෙරෙන සිංගල් සුපර් පොස්පේට් පොහොර භාවිතය සම්බන්ධව අවධානය යොමු කෙරිනි.

ත්‍රිත්ව සුපිරි පොහොර මෙරටට ආනයනය කිරීම සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 30ක මුදලක් වැය කිරීමට සිදුවේ. එමනිසා ඒ වෙනුවට ආදේශකයක් ලෙස සිංගල් සුපර් පොස්පේට් පොහොර භාවිතා කිරීම සම්බන්ධව සිදු කළ පර්යේෂණ මගින් මෙරට පසට එම පොහොර ඉතාමත් යෝග්‍ය බව අනාවරණය වී තිබේ.

දැනට එප්පාවල රොක් පොස්පේට් නිධිය තුළ මෙට්‍රික් ටොන් මිලියන 60ක පොස්පේට් තොගයක් අඩංගුවන නිසා තව වසර ගණනාවකට කිසිදු හිඟයකින් තොරව සිංගල් සුපර් පොස්පේට් පොහොර නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී. මේ නිසා වාර්ෂිකව ත්‍රිත්ව සුපිරි පොහොර ආනයනය සඳහා වැය කළ විශාල ඩොලර් ප්‍රමාණයක් මෙරට තුළ ඉතිරි කර ගැනීමට හැකියාව ලැබී තිබේ.

මේ වනවිට එප්පාවල ‌රොක් පොස්පේට් යොදා ගනිමින් පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයින් අට දෙනෙක් මහා පරිමාණයෙන් සිංගල් සුපර් පොස්පේට් නිෂ්පාදනය ආරම්භ කර ඇත. එමනිසා ඔවුන් විසින් නිපදවනු ලබන සිංගල් සුපර් පොස්පේට් මෙන්ම රජයට අයත් පොහොර සමාගම් විසින් ද නිපදනවන එම පොහොර එළඹෙන මහ කන්නයේ දී වී වගාව සඳහා යොදා ගැනීමට හැකියාව ලැබී තිබේ.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිංගල් සුපර් පොස්පේට් භාවිතා කිරීම සම්බන්ධව ගොවි ජනතාව දැනුම්වත් කිරීමේ වැඩ පිළිවෙළක් අරඹන ලෙස ජාතික පොහොර ලේකම් කාර්යාලයට හා රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගමට උපදෙස් දුන්නේය.

විශේෂයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගල් සුපර් පොස්පේට් මෙරට දීම නිෂ්පාදනය කිරීම සඳහා පියවර ගන්නා ලෙසට දී ඇති උපදෙස් මත 2024/25 මහ කන්නයේ සිටම එම පොහොර භාවිතා කිරීමට පියවර ගත හැකි වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Post Views: 21,849
Previous Post

කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සදහා විශේෂ ව්‍යාපෘති 07ක් – ඇමති ප්‍රසන්න

Next Post

යුක්තිය පසිඳලීම යථාර්ථයක් වීමට නම් කලට වේලාවට නීතිය ඉටු විය යුතුයි – ජනපති

editor ttvnews

editor ttvnews

Next Post
යුක්තිය පසිඳලීම යථාර්ථයක් වීමට නම් කලට වේලාවට නීතිය ඉටු විය යුතුයි – ජනපති

යුක්තිය පසිඳලීම යථාර්ථයක් වීමට නම් කලට වේලාවට නීතිය ඉටු විය යුතුයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved