2026 සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාවට අදාළව පුණ්‍ය කාලය හෙට, එනම් අප්‍රේල් 14 වන අඟහරුවාදා පූර්ව භාග 03:08 සිට එදිනම අපරභාග 03:56 දක්වා යෙදී තිබේ.
පුණ්‍ය කාලය ආරම්භ වීමට ප්‍රථම ආහාර පාන ගෙන අවසන් කළ යුතු අතර, පුණ්‍ය කාලය තුළ සියලු ලෞකික වැඩ කටයුතු අත්හැර ආගමික වතාවත්, දානමය කටයුතු සහ ආධ්‍යාත්මික වත්පිළිවෙත්හි නිරත වීම චාරිත්‍රයකි. පුණ්‍ය කාලයේ අපරභාග කොටස තුළ එනම් අප්‍රේල් 14 පස්වරුවේදී ආහාර පිසීම, වැඩ ඇල්ලීම සහ ගනුදෙනු කිරීම ආදී නැකැත් චාරිත්‍ර නියමිත වේලාවන් අනුව ඉටු කිරීමට අවස්ථාව සැලසේ.














