සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් බන්ධනාගාර ගත කර සිටින රැඳවියන් වෙනුවෙන් විවෘත අමුත්තන් බැලීමේ විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා පවසන්නේ අද (අප්‍රේල් 13) සහ හෙට (අප්‍රේල් 14) යන දෙදින තුළ මෙම අවස්ථාව හිමිවන බවයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි දිවයිනේ සියලුම බන්ධනාගාර සඳහා මෙය අදාළ වේ. මේ යටතේ රැඳවියන්ගේ ඥාතීන්ට එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ආහාර, රසකැවිලි සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් බැගින් ලබාදීමට අවසර හිමිවනු ඇත.














