ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ ප්‍රධාන පිවිසුම වන කුඩව පිවිසුම හෙට (අප්‍රේල් 10) සිට අප්‍රේල් 15 වනදා දක්වා දින 6ක් වසා තැබීමට තීරණය කර ඇති බව සිංහරාජ වන පාලක කාර්යාලය නිවේදනය කරයි.
සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩු සමය නිමිත්තෙන් මෙම පියවර ගෙන ඇති බව සිංහරාජ වන පාලක එස්. ඩී. නිමල් මහතා සඳහන් කළේය. ඒ අනුව, අප්‍රේල් 10 වනදා සිට 15 වනදා දක්වා කාලය තුළ සංචාරකයන්ට කුඩව පිවිසුම හරහා වනාන්තරයට ඇතුළු වීමට අවසර හිමි නොවේ.
නැවත අප්‍රේල් 16 වනදා සිට සුපුරුදු පරිදි සංචාරකයන් සඳහා කුඩව පිවිසුම විවෘත කරන බවත්, එබැවින් නිවාඩු සමයේ වනාන්තරය නැරඹීමට පැමිණීමට සැලසුම් කරන සංචාරකයන් මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියි.














