ලුණුගල, බුළුගොල්ල ප්‍රදේශයේ කුඹුකන් ඔය රක්ෂිතය තුළ පුරාවස්තු සෙවීමේ අරමුණින් අනවසර කැණීම් සිදු කරමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ලුණුගල පොලිසිය සමත්ව තිබේ. පොලිස් නිලධාරීන්ට ලැබුණු රහස් තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, කැණීම් සඳහා භාවිත කළ උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 49ත් 61ත් අතර වයස්වල පසුවන ලුණුගල, ඇඹිලිපිටිය, පිළියන්දල, තණමල්විල, මිල්ලබැද්ද සහ හොප්ටන් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගල පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














