ලිට්‍රෝ ගෑස් (Litro Gas) මිල ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට සාපේක්ෂව අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ. මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ බලශක්ති මිල ඉහළ යාම මෙයට සෘජු හේතුව වී ඇත. ඒ අනුව බත් සහ කොත්තු රුපියල් 25 කින් ද, කිරි තේ කෝප්පයක් රුපියල් 10 කින් ද, කෙටි කෑම රුපියල් 10 කින් ද සහ තේ කෝප්පයක් රුපියල් 5 කින් ද ඉහළ යනු ඇත.
මීට අමතරව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට 12.5 kg ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් ඉහළ ගිය අතර ඉන්ධන මිල ද ලීටරයකට රුපියල් 22-25 ත් අතර ප්‍රමාණයකින් සංශෝධනය විය. ලාෆ්ස් ගෑස් (Laugfs Gas) සමාගම ද සිය මිල සංශෝධනය පිළිබඳව අද දිනයේ තීරණයක් ගැනීමට නියමිතව තිබේ.














