සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට කිසියම් පාර්ශ්වයක් විසින් අනවසරයෙන් ඇතුළු වී (Hacking) ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) දැඩි සැකයක් පළ කර සිටිනවා. මෙම සැකය මතු වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාවකට අදාළ යැයි කියනු ලබන අතිශය අවිධිමත් ලිපියක් වෙබ් අඩවියට එක් කර තිබීමයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ අදාළ ලේඛනයේ නිල ලිපි ශීර්ෂයක්, දිනයක්, ලිපිය යොමු කළ පාර්ශ්වයක් හෝ වගකිවයුතු සම්බන්ධීකරණ නිලධාරියෙකුගේ නමක් පවා සඳහන් නොවන බවයි. මෙවැනි අසම්පූර්ණ සහ අවිධිමත් ලේඛනයක් රාජ්‍ය ආයතනයක නිල වෙබ් අඩවියක පළ වීම අතිශය අසාමාන්‍ය තත්ත්වයක් බව ඔවුන් අවධාරණය කරනවා.
මෙම ලේඛනය සම්බන්ධයෙන් කරුණු විමසීමට එහි සඳහන් කැඳවුම්කරු ලෙස නම් කර ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක වී ඇති බවයි වාර්තා වන්නේ. මීට පෙර ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පද්ධතීන්ට අනවසරයෙන් ඇතුළු වීම් සිදු වූ ඉතිහාසයක් පවතින බැවින්, මෙම සිදුවීම රජය සහ අමාත්‍යාංශය අපහසුතාවයට පත් කිරීම සඳහා සංවිධානාත්මකව සිදු කළ කුමන්ත්‍රණයක් ද යන්න පිළිබඳව වහාම විමර්ශනයක් පවත්වන ලෙස GMOA සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබෙනවා. වෛද්‍යවරුන්ගේ සහ සමස්ත සෞඛ්‍ය පද්ධතියේ සංවේදී දත්ත පවතින මෙවැනි වෙබ් අඩවියක ආරක්ෂාව පිළිබඳව පැන නැගී ඇති මෙම ගැටලුව හමුවේ ක්ෂේත්‍රය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.














