මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තැබීමේ අරමුණින් ක්‍රියාත්මක ‘ඩිජිසවි’ ව්‍යාපෘතිය නිල වශයෙන් දියත් කිරීමේ සමාරම්භක උත්සවය අද (01) කොළඹ පදනම් ආයතනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මහාචාර්ය ගිහාන් ඩයස් මහතා ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ විය.
අධ්‍යාපනය හදාරන සිසුන්, ව්‍යවසායකයන් සහ කළමනාකරුවන් ඉලක්ක කර ගනිමින් වඩාත් ඵලදායී තොරතුරු තාක්ෂණ දැනුමක් සහ පුහුණුවක් ලබා දීම මෙහි ප්‍රමුඛ අරමුණයි. දිවයින පුරා පිහිටුවා ඇති ‘ඩිජිසවි’ මධ්‍යස්ථාන ජාලය හරහා මෙම සේවාවන් ජනතාව වෙත සමීප කිරීමට කටයුතු යොදා තිබේ. වර්තමාන ඩිජිටල් ලෝකයේ අභියෝග ජය ගැනීමට අවශ්‍ය තාක්ෂණික මෙවලම් සහ මගපෙන්වීම මෙමගින් ශ්‍රී ලාංකික ප්‍රජාවට හිමි වනු ඇත.














