• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාත්‍යන්තරයේදී උත්තර දුන්නේ ඉතා සූක්ෂමවයි

විදේශ ප්‍රතිපත්තිය ගැන විජිත හේරත්ගෙන් පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක්

20 March 2026
in දේශීය, පුවත්
ජාත්‍යන්තරයේදී උත්තර දුන්නේ ඉතා සූක්ෂමවයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව කිසිදු පාර්ශ්වයකට පක්ෂග්‍රාහී නොවන සෘජු සහ ස්ථාවර විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (19) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. මෑතකදී පැවැති ජාත්‍යන්තර සමුළුවකදී තමන් දැක්වූ අදහස් විකෘති කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන විවේචනවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, වත්මන් ගෝලීය දේශපාලන සන්දර්භය තුළ රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කිරීම “දැලිපිහියෙන් කිරි කන්නාක් වැනි” අතිශය අවදානම් සහගත සහ සූක්ෂම ක්‍රියාවලියක් බවයි.
ලෝක බලවතුන් අතර පවතින ගැටුම් හමුවේ රජය සැමවිටම පෙනී සිටින්නේ ලෝක සාමය වෙනුවෙන් පමණක් බව පැවසූ අමාත්‍යවරයා, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ අසමබර යෝජනාවකට ශ්‍රී ලංකාව විරුද්ධ වූයේ එය දෙපාර්ශ්වයටම සාධාරණ නොවන බැවින් බව පෙන්වා දුන්නේය. “යුද්ධයකදී දෙපාර්ශ්වයම වගකියන්න ඕනේ. එක පැත්තකට විතරක් චෝදනා කරන යෝජනාවලට අපි එකඟ වෙන්නේ නැහැ,” යනුවෙන් ඔහු සඳහන් කළේය. එසේම වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවා සිටින ඉරාන නාවිකයන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ද ජාත්‍යන්තර නීතියට අනුකූලව මිස පක්ෂග්‍රාහීව නොවන බව ඔහු අවධාරණය කළේය.
ඇමරිකා එක්සත් ජනපදය සමඟ පවතින සබඳතා පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී කරුණු අනාවරණය කළේය. දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු නියෝජිතයා සමඟ පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස, ඇමරිකාව විසින් පනවා තිබූ භාණ්ඩ 144ක තහනම භාණ්ඩ 120 දක්වා අඩු කර ගැනීමට රජය සමත් වූ බව ඔහු හෙළි කළේය. ඉරානය සමඟ සමීප සබඳතා පවත්වන අතරම ඇමරිකාව සමඟ ද ගනුදෙනු කරමින් රටට උපරිම වාසි ලබා ගැනීම රජයේ ප්‍රතිපත්තිය බව අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 5
Previous Post

ලොව විශාලතම ගෑස් නිධිය පුපුරුවා හරිනවා

Next Post

බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ප්‍රවාහනය කළ පුද්ගලයෙකුට මාස දෙකක අනිවාර්ය සිරදඬුවම්

Editor TTV News

Editor TTV News

Next Post
බලපත්‍ර නොමැතිව  පෙට්‍රල් ප්‍රවාහනය කළ පුද්ගලයෙකුට  මාස දෙකක අනිවාර්ය සිරදඬුවම්

බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ප්‍රවාහනය කළ පුද්ගලයෙකුට මාස දෙකක අනිවාර්ය සිරදඬුවම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීනය ඉරානයට  ගුවන් ආරක්ෂක පද්ධති ලබා දීමට  සූදානම් වන බවට  අමෙරිකානු බුද්ධි අංශ  අනතුරු අඟවයි

චීනය ඉරානයට ගුවන් ආරක්ෂක පද්ධති ලබා දීමට සූදානම් වන බවට අමෙරිකානු බුද්ධි අංශ අනතුරු අඟවයි

11 April 2026
රට තුළ පොහොර හිඟයක් නැහැ

රට තුළ පොහොර හිඟයක් නැහැ

11 April 2026
රුපියල් ලක්ෂ 39ක් වටිනා  නීතිවිරෝධී දුම්වැටි සමඟ  චීන ජාතිකයෙකු රේගු දැලට

රුපියල් ලක්ෂ 39ක් වටිනා නීතිවිරෝධී දුම්වැටි සමඟ චීන ජාතිකයෙකු රේගු දැලට

11 April 2026
බැංකු ගිණුම් මිලියනයකට  අධික සංඛ්‍යාවක් අනතුරේ

බැංකු ගිණුම් මිලියනයකට අධික සංඛ්‍යාවක් අනතුරේ

11 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීනය ඉරානයට  ගුවන් ආරක්ෂක පද්ධති ලබා දීමට  සූදානම් වන බවට  අමෙරිකානු බුද්ධි අංශ  අනතුරු අඟවයි

චීනය ඉරානයට ගුවන් ආරක්ෂක පද්ධති ලබා දීමට සූදානම් වන බවට අමෙරිකානු බුද්ධි අංශ අනතුරු අඟවයි

11 April 2026
රට තුළ පොහොර හිඟයක් නැහැ

රට තුළ පොහොර හිඟයක් නැහැ

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved