පවත්නා තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජය විසින් බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින්, එදිනට ක්‍රියාත්මක වන දුම්රිය වාර ගණන සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව සාමාන්‍ය වැඩ කරන දිනවල ධාවනය වන කාර්යාල දුම්රිය ඇතුළු විශේෂ දුම්රිය වාර කිහිපයක් අවලංගු වන අතර, නිවාඩු දිනවල ක්‍රියාත්මක වන දුම්රිය කාලසටහනට අනුව දුම්රිය ධාවනය කිරීමට නියමිතය. මෙම තීරණය හේතුවෙන් මගී ජනතාවට සිදුවන අපහසුතාව අවම කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය ගමන්වාර කිහිපයක් පමණක් පවත්වාගෙන යාමට දුම්රිය බලධාරීන් කටයුතු යොදා ඇත.














