පවතින ඉන්ධන සහ බලශක්ති අර්බුදය හමුවේ වුවද දිවයිනේ සියලුම බැංකු සේවා අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සතියේ දින පහේම පවත්වාගෙන යන බව ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) නිවේදනය කරයි. ජාතික බලශක්ති ඉතිරි කිරීමේ වැඩපිළිවෙළට සහය දක්වමින් ගෙන ඇති මෙම තීරණය අනුව පාරිභෝගිකයන්ට බාධාවකින් තොරව තම මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට අවස්ථාව හිමිවේ. ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා සියලුම බැංකු ශාඛා විවෘතව පවතින නමුත්, බදාදා දිනවල පමණක් සේවා කාලය පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා සීමා කිරීමට පපවතින ඉන්ධන සහ බලශක්ති අර්බුදය හමුවේ වුවද දිවයිනේ සියලුම බැංකු සේවා අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සතියේ දින පහේම පවත්වාගෙන යන බව ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) නිවේදනය කරයි. ජාතික බලශක්ති ඉතිරි කිරීමේ වැඩපිළිවෙළට සහය දක්වමින් ගෙන ඇති මෙම තීරණය අනුව පාරිභෝගිකයන්ට බාධාවකින් තොරව තම මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට අවස්ථාව හිමිවේ. ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා සියලුම බැංකු ශාඛා විවෘතව පවතින නමුත්, බදාදා දිනවල පමණක් සේවා කාලය පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා සීමා කිරීමට ප#BreakingNewsියවර ගෙන ඇත.
පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන ලෙසත්, එදිනෙදා බැංකු කටයුතු සඳහා හැකිතාක් දුරට ඩිජිටල් සහ මාර්ගගත (Online) බැංකු සේවා භාවිත කරන ලෙසත් බැංකු සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ජංගම දුරකථන යෙදුම් සහ අන්තර්ජාල බැංකුකරණ පද්ධති හරහා බොහෝ ගනුදෙනු නිවසේ සිටම සිදු කළ හැකි බව පෙන්වා දෙන එම සංගමය, අත්‍යවශ්‍යම කරුණකට මිස බැංකු ශාඛා වෙත පැමිණීම අවම කරන ලෙස පාරිභෝගිකයන්ට දන්වා සිටී. ලෝක වෙළඳපොළේ පවතින ඉන්ධන අර්බුදය නුදුරේදීම සමනය වනු ඇති බවට විශ්වාසය පළ කරන බැංකු සංගමය, මෙරට ආර්ථිකය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා සහය දීමට තමන් කැපවී සිටින බව ද අවධාරණය කළේය.














