කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති ‘Great Managers Awards 2025’ සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) ආයතනය සුවිශේෂී ඇගයීමකට පාත්‍ර වී තිබෙනවා. මෙරට රාජ්‍ය ආයතනයක් (State-Owned Enterprise) මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමකට ලක්වූ ප්‍රථම අවස්ථාව මෙය වන බැවින් මෙය මෙරට ආයතනික ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන සන්ධිස්ථානයක්. CLA Coaching සහ Colombo Leadership Academy එක්ව සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල මඟින් ගෝලීය ප්‍රමිතීන්ට අනුව නායකත්වයේ සහ කළමනාකරණ කාර්යක්ෂමතාවයේ විශිෂ්ටත්වය පෙන්වන ආයතන සහ පුද්ගලයින් තෝරා සම්මානයට පාත්‍ර කරනු ලබනවා.
මෙහිදී ‘Companies with Great Managers’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ආයතනය සම්මාන ලැබූ අතර, ආයතනය තුළ නායකත්ව කුසලතා වර්ධනය කිරීමට සහ සාර්ථක කාර්යසාධනයක් සහිත සංස්කෘතියක් ගොඩනැඟීමට එම ආයතනය දක්වන සුවිශේෂී කැපවීම මින් පිළිබිඹු වනවා. එමෙන්ම ආයතනයේ විවිධ අංශ නියෝජනය කළ නිලධාරීන් රැසක්ද මෙහිදී විවිධ නායකත්ව කාණ්ඩ යටතේ ඇගයීමට ලක් වුණා.
ඒ අනුව සහකාර සාමාන්‍යාධිකාරී දුමින්ද පීරිස් මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චමින්ද අතාවුද මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජගත් වෙල්ගම මහතා, ශාඛා කළමනාකරු මංජුල ධර්මප්‍රේම මහතා, කළමනාකරු අමාලි ගෝමස් මහත්මිය මෙන්ම රුචිර එදිරිසිංහ සහ උත්තරා කපුගමගේ යන කළමනාකාරීත්වයේ මහත්ම මහත්මීන් මෙලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නලින් සුබසිංහ මහතා සඳහන් කළේ, මෙවැනි පිළිගැනීමක් ලැබූ ප්‍රථම රාජ්‍ය ආයතනය වීමට ලැබීම පිළිබඳව තමන් බෙහෙවින් ආඩම්බර වන බවත්, මෙය සමස්ත කණ්ඩායමේම සාමූහික ජයග්‍රහණයක් බවත්ය.














