ජාත්‍යන්තර කම්කරු දිනය යෙදෙන මැයි මස 01 වැනිදා සිය පක්ෂයේ මැයි දින රැලිය නොපැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) තීරණය කර තිබේ. අද (09) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා මේ බව තහවුරු කළේය.
මෙවර මැයි මස 01 වැනිදා පෝය දිනයක් වීම සහ එම දිනය වෙසක් පෝය ලෙස ඇතැම් හිමිවරුන් අනාවැකි පළ කර තිබීම මෙම තීරණයට හේතු වී ඇත. රජය විසින් මැයි 31 වැනිදා වෙසක් පොහොය ලෙස ප්‍රකාශයට පත් කර තිබුණද, පවතින ආගමික පසුබිම සහ මහජනතාවගේ පහසුව මෙන්ම කම්කරු අයිතිවාසිකම් සලකා බලා මෙම රැලිය වෙනත් දිනයක පැවැත්වීමට පක්ෂය තීරණය කර තිබේ. ඒ අනුව මැයි 01 වැනිදා රැලියක් නොපැවැත්වෙන අතර නව දිනයක් පසුව නිවේදනය කරන බව ද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.














