මහවැලි ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් පොළොන්නරුව සුංගාවිල සිට සෝමාවතිය දක්වා දිවෙන මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ ගංවතුර තත්ත්වය මත මාර්ගයේ ගමනාගමනය අනතුරුදායක බැවින් මෙම තීරණය ගත් බවයි. ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ජනතාවට විමසිලිමත් වන ලෙසත් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් දැනුම් දෙනු ලැබේ.














