දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශය ආසන්නයේදී අද (06) පෙරවරුවේ සිදු වූ දරුණු රිය අනතුරකින් ට්‍රක් රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර් රථයක පිටුපසින් පැමිණි ට්‍රක් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
දොඩංගොඩ සහ වැලිපැන්න අතර කිලෝමීටර් 40 කණුව ආසන්නයේදී සිදු වූ මෙම අනතුර හේතුවෙන් එම දිශාවට ධාවනය වන වාහන සඳහා දැඩි රථවාහන තදබදයක් ද නිර්මාණය වී ඇති බව වාර්තා වේ. පොලිසිය සඳහන් කරන්නේ ට්‍රක් රථය කන්ටේනර් රථයේ පිටුපස ගැටීමෙන් ට්‍රක් රථයේ ඉදිරිපස කොටසට දැඩි හානි සිදුව ඇති බවයි.
අධිවේගී මාර්ග පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විමසිලිමත් වන ලෙස දැනුම් දී තිබේ.














